Weight | 0.685 kg |
---|
Yashodara-යශෝදරා
රු1,615.00
සිද්ධාර්ථ-යශෝධරා ප්‍රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙදෙනකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය.
පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැර ව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ – යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැගුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.
Reviews
There are no reviews yet.